Wednesday, August 12, 2015

අපේ ජීවිත තිබෙනතුරා මාතෘ භූමිය කෑලිවලට කඩන්න දෙන්නේ නෑ
- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ
බුලත් කොළයෙන් ඇවිල්ලා යළිත් රටට පණ දෙනවා
- සුසිල් ප්‍රේමජයන්ත (එජනිස)
රනිල්ගේ සුළුතර ආණ්‌ඩුව අපි මාස 3 න් දණ ගැස්‌සුවා
- දිනේෂ් ගුණවර්ධන
බැඳුම්කර හොරකමෙන් මහ බැංකුවේ ප්‍රතිරූපය බිඳ වැටුණා
- විමල් වීරවංශ (ජනිපෙ)
මහින්ද අගමැති වෙන එක ස්‌ථිරයි
- ගාමිණී ලොකුගේ (එජනිස)

අනුර බාලසූරිය

එක්‌සත් ජාතික පක්‍ෂයේ වැඩපිළිවෙළ රෝහල් අධිකාරියක්‌ බවට පත්කිරීමයි. අධිකාරියක්‌ කිරීමෙන් පසු පෞද්ගලික රෝහලකයි රජයේ රෝහලකයි අතර කිසිදු වෙනසක්‌ නැහැ. හැම දේටම මුදල් ගෙවන්න සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ විජයග්‍රහණය උදෙසා කොට්‌ටාව නගරයේදී 8 වැනිදා පැවැති ජනහමුව අමතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව අවධාරණය කළේය.

අති විශාල පිරිසක්‌ මෙම ජන රැලියට එක්‌ව සිටි අතර වැඩිදුරටත් ජනතාව ඇමතූ මහින්ද රාජපක්‍ෂ මහතාá

අපි ජනතාවට බොරු පොරොන්දු දීලා නෑ. කරන්න පුළුවන්දේ කියනවා කරන්න බැරිදේ බෑ කියනවා. අපි කරන්න පුළුවන්දේ කිව්වා, ඉතිහාසයෙත් එහෙමයි. අපි ජනතාවට ඒ අවස්‌ථාවේදී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න පුළුවන් ප්‍රමාණය කිව්වා. නමුත් එ.ජා.ප. ය මොකද්ද කිව්වේ, මූලික වැටුපට 10,000 ක්‌ දෙනවා කිව්වා. නමුත් ඒක මූලික වැටුපට දුන්නේ නෑ. අපි අද කියනවා රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප 25,000 කින් වැඩිකරනවා කියලා. ඒ වගේම පෞද්ගලික අංශයේ අයගේ වැටුපත් රුපියල් 3000 කින් වැඩිකිරීමට කටයුතු කරනවා.

අපේ ලොකුම වස්‌තුව අපේ දරුවෝ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීම හැම දෙමව්පියෙකුගේ අරමුණයි. එදා මට මතකයි කියනවා ගමට කැකිරි කොළඹට කිරි කියලා. දැන් කොළඹටත් කැකිරි ගමටත් කැකිරි තව ටික දවසකින් දෙකම නැතිවෙයි.

මහින්දොaදය විද්‍යාගාර වසරක්‌ ඇතුළත අපි 1000 ක්‌ හැදුවා. මාස 7 ක්‌ ගිහිල්ලත් ඒවා විවෘත කරන්න බැරිවුණා. බෝඩ් එක ගහන්න විතරයි තිබුණේ. මහින්දොaදය කියන්නේ මගේ නම නොවෙයි. මගේ නම කියලා ඒක ගලවා ගත්තේ යැම විතරයි කළේ. වෙන කිසිදෙයක්‌ කළේ නෑ.

ගණිතය ෙµaල් දරුවෙකුට නැවත විභාගයට ලියන්න බෑ කියලා මේ ආණ්‌ඩුව තහනම් නියෝගයක්‌ ආපු නිසා ගණිතය ෙµaල් වූ වව්නියාවේ දරුවෙක්‌ ජීවිතය පවා නැතිකරගෙන. බලන්න මේ අපරාධයට කවුද වගකියන්න ඕන. මේ තමයි අද රටට යන කල. ගණිතය නැතුව විභාගය ලියන්න අපේ ආණ්‌ඩුව ඉඩ දුන්නා. ගණිතාගාරය අපි ගෙනාවේ ගණිතය දුර්වල නම් ඒ අඩුපාඩුව දරුවට හදාගන්නයි. භාෂාගාරය ගෙනාවේ ඉංග්‍රීසි, ජපන්, ඉතාලි, ප්‍රංශ භාෂා වගේ විවිධ භාෂා ඉගෙන ගන්න. ඒ අයිතිය අපි දරුවන්ට ලබාදිය යුතුයි. ඒ නිසයි අපි ඒ අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ රැසක්‌ කළේ. මේ වැඩපිළිවෙළ අද අඩපණ කරලා.

දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළුවන විට අවශ්‍ය පොත්පත්, ඇඳුම් පැළඳුම් ගන්න රුපියල් 10,000 ක්‌ අපි දෙනවා. මහපොළ ශිෂ්‍යත්වය වැඩිකරනවා. වයස අවුරුදු 18 ත් 25 අතර දරුවන්ට අනිවාර්යයෙන්ම වෘත්තීය අධ්‍යාපනයක්‌ ලබාදීමට රුපියල් 50,000 ක්‌ ලබාදෙනවා. තවදුරටත් ඉගෙන ගන්නවානම් රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ ලබාදීමේ වැඩපිළිවෙළක්‌ දියත්කරනවා.

වයස අවුරුදු 18 - 25 ත් අතර දරුවන් අනිවාර්යයෙන්ම වෘත්තීය අධ්‍යාපනයක්‌ ලැබිය යුතුයි, කියන දැඩි විශ්වාසයක අපි ඉන්නවා. දරුවන් වෙනුවෙන් මේ විදිහේ වැඩපිළිවෙළක්‌ අපි දියත් කරන්නේ, තමුන්නාන්සේලා දන්නවානේ මේ අය ජීවන වියදම අඩුකරනවයි කියලා ආවේ. පරිප්පු රු. 80 ට දෙනවා කිව්වා. 80 ට ලැබෙනවද නෑ. හාල්මැස්‌සෝ රුපියල් 100 ට දෙනවා කිව්වා දැන් 100 ට ලැබෙනවද? මේ විදියට තමයි බොරු මල්ලක්‌ කියලා ඡන්දෙ ගත්තේ. ඒ නිසා නැවත මේ බොරුවලට රැවටිලා ඡන්දය දෙනවද? රෑ වැටුණ වළේ දවල් වැටෙන්නෙ නෑ, කියලා කතාවක්‌ තියෙනවානේ. බොරුව මිස මේ අයට මේවට ප්‍රතිපත්තියක්‌ නෑ.

දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට කටයුතු කිරීම රජයක වගකීමක්‌. නිදහස්‌ සෞඛ්‍යයක්‌ තිබිය යුතුයි. ජනතාවට ලබාදෙන සෞඛ්‍ය පහසුකම් වලින් මුදල් හම්බකරන්න ආණ්‌ඩු සූදානම් නොවිය යුතුයි. එ.ජා.ප. යේ වැඩපිළිවෙළ රෝහල් අධිකාරියක්‌ යටතට පත්කිරීමයි. අධිකාරියක්‌ කළහම මොකද වෙන්නේ රෝහලට ඇතුළුවෙන කොටත් පිටවෙන කොටත් ගෙවන්න ඕන. එතකොට පෞද්ගලික රෝහලෙයි මේකෙයි අතර වෙනසක්‌ නෑ. රෝහලට ගිහිල්ල මියගිය පසු බිල ගෙවනකන් බොඩි එක ගන්නත් බෑ. මේක තමයි මේ කියන්නේ රජයේ රෝහල්වලින් පාඩු ලබන්න බැරිලු. අධිකාරියක්‌ කළාම වෛද්‍යවරුන්ට හෙදියන්ට, සාත්තු සේවක සේවිකාවන් ඇතුළු රෝහල් සේවකයන්ට විශ්‍රාම වැටුපත් නෑ. මේකද මේ කරන්න යන්නේ. මොවුන් ගෙනයන්නේ කණපිට හරවන ආර්ථික ප්‍රතිපත්තියක්‌.

මේ අය ආර්ථිකය කළමනාකරණය කරන්න දන්නේ නෑ. ඒකපුද්ගල ආදායම අපි ඩොලර් 1000 ඉඳලා 4000 ගණනකට වැඩිකළා. අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 8.2 කට ඉහළ නැංවූවා. බිලියන දෙකයි ගාණට අපි ගන්නකොට තිබුණත් අපි බිලිsයන 8.2 ට ගෙනත් තිබූ විදේශ සංචිත දැන්ම බිලියන 6 ට බස්‌සලා.

රටේ සංවර්ධන ව්‍යාපෘති 58,000 ක වැඩ නැවතිලා. මේ නිසා ලක්‍ෂ 15 කට රැකියා අහිමිවෙලා. ගල්කඩන, වැලි අදින කම්කරුවගේ ඉඳලා මේසන්, වඩු කාර්මිකයා දක්‌වා කාර්මික නිලධාරියගේ ඉඳලා ඉංජිනේරුවා දක්‌වා මේ සියලු දෙනාගේම රැකියා අද නැතිවෙලා. අපි බලයට පැමිණි ගමන් නවතා දමා තිබෙන සියලු සංවර්ධන වැඩ ආරම්භ කර මේ නැතිවූ රැකියා ලක්‍ෂ 15 නැවත ලබාදීමට පියවර ගන්නවා. අපි කරගෙන ආපු සංවර්ධන වැඩ කොටස කරගෙන ගියානම් මේ අයගේ රැකියා නැතිවෙන්නේ නෑ. පෞද්ගලික වෛරයට මේවා කළේ.

මේ ආණ්‌ඩුව බෙහෙත්වලට සියයට 125 ක්‌ වැඩිකරලා. පිළිකා රෝගියෙක්‌ මට ඇවිත් කිව්වා ගන්න එන්නත සියයට 125 කින් වැඩිකරලා කියලා. බලන්න ඒ අහිංසක රෝගියා කාට කියන්නද? මේක අහිංසක රෝගීන්ට කරන මහා අපරාධයක්‌. සියයට 125 කින් ඖෂධ මිල වැඩිකරන්න එපා කියලා පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්‌වෙලා ගියා. මේක තමයි වෙනස.

අද තරුණයන්ට අනාගතයක්‌ නෑ. වහ බොනව විතරක්‌ නොවෙයි තරුණියකට පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක්‌, පත්තරේ බැලුවොත් අපරාධ වැඩිවෙලා. පාතාලය ආපහු ඇවිල්ලා. පාසල් ළඟ මත් කුඩු විකුණනවා. මෙහෙම ගියොත් දරුවන්ගේ අනාගතයට යන කල මොකක්‌ද? මෙන්න මේවා ගැන හිතන්න. රට පැනලා ගිහිල්ලා හිටපු පාතාලකාරයෝ අද ඇවිල්ලා. අපේ කාලේ පාතාලය මුළුමනින්ම මැඬපවත්වලා තිබුණේ. දැන් නැවතත් අපරාධ සිදුවෙනවා. මේ අපරාධවලට ඉඩදෙනවද?

මේවා පිළිබඳව හිතන්න වෙනවා. ඔබේ දරුවට මාතෘ භූමියක්‌ තියෙන්න ඕන. මේ රට රකින්න ඕන. අද එක්‌සත් ජාතික පක්‍ෂය කියනවා ලංකාව අලුත් කරනවා කියලා. උතුරු නැඟෙනහිර දුන්නම අලුත් රටක්‌ අලුත් සිතියමක්‌ හැදෙයි. ඒකනම් පැහැදිලි ලෙසම රනිල් ඉටුකරන බව මට විශ්වාසයි.

අලුත් රටක්‌ උතුරු නැඟෙනහිර නැති අලුත් රටක්‌. අර මහේෂ්වරී ඇඳලා තියෙන රට වෙන්න ඇති. අපේ ජීවිතය තිබෙනතුරා මාතෘ භූමිය කෑලිවලට කඩන්න දෙන්නේ නෑ. ඒකීය රටක්‌ ලෙස තිබූ ජාතීන්ට එකට සාමයෙන් ජීවත්වෙන්න සෑම ආගමකටම එකහා සමානව තම ආගම අදහගන්න තියෙන අයිතිය තහවුරු කරනවා.

17 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළයට කතිරය ගහලා පනින්නේ නැති අයට මනාපය දීලා සන්ධානයේ වැඩි පිරිසක්‌ එවන්න. අපි ඒකීය රටක්‌ තුළ සියලුදෙනාට සහයෝගයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු කරනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක සුසිල් ප්‍රේමජයන්ත මහතා -

එදා අපි නාමයෝජනා භාරදී අනුරාධපුර ශුද්ධ නගරයෙන් ආරම්භ කළ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලියට නොදෙවැනි රැලියක්‌ තමයි කොට්‌ටාවේ පැවැත්වෙන්නේ.

ජනාධිපතිවරණයේ දී අපි ලැබූ ලක්‍ෂ 58 එතනින් නවතින්නේ නෑ. ඒ සුළඟ හමන කොට එය ලක්‍ෂ 60 කට එහා ගොස්‌ මන්ත්‍රී ආසන 117 ක්‌ ගන්න සහතිකය දීලා ඉවරයි. අපි ලබන 17 වැනිදාට බුලත් කොළයෙන් ඇවිල්ලා යළිත් රටට පණදෙනවා.

කොළඹ දිස්‌ත්‍රික්‌ සන්ධාන අපේක්‍ෂක මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා -

රනිල්ගේ සුළුතර ආණ්‌ඩුව මාස තුනෙන් අපි දණගැස්‌සුවා. පාර්ලිමේන්තුවේ කිසිම ඡන්දයක්‌ ගන්න ආවේ නෑ. ඡන්දයක්‌ ගත්තනම් පරදිනවා. ඒ නිසා එහෙන් මෙහෙන් පැන පැන ආණ්‌ඩුව ගෙනියන්න හැදුවේ. විශ්වාසභංග යෝජනාවලට මුහුණ දෙන්න බැරිවුණා.

දැනටමත් රනිල් පරාජය පිළිගෙන ඉවරයි. ඒ නිසානේ රනිල් කියන්නේ ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා කියලා. ඔහුට ආණ්‌ඩුවක්‌ හදන්න බහුතරයක්‌ ලැබෙන්නේ නෑ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46 - 45 වගන්තියේ පැහැදිලිව තියෙනවා. වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ ලබාගන්න නායකයො ආණ්‌ඩුවක්‌ පිහිටුවීම කළ යුතුයි කියලා. සන්ධානය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක්‌ ලබනවා. ඒ අනුව වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ ලබන්නේ සන්ධානයයි.
බ්‍රිතාන්‍ය උසාවියේ තීරණයෙන් කොටි ඩයස්‌පෝරාව අර්බුදයක
කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ චෝදනා එල්ල වූ වෙනත් රටවල හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු දැමීමේ බලයක්‌ බ්‍රිතාන්‍යයට නැතැයි බ්‍රිතාන්‍ය අධිකරණය ඊයේ (11 දා) ඓතිහාසික තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇති බ්‍රිතාන්‍ය රජයත්, ද්‍රවිඩ කොටි ඩයස්‌පෝරාවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තිබේ. බ්‍රිතාන්‍යයට පැමිණෙන වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්‌ දැනට කලක පටන්ම  දියත් වී තිබුණ නිසාය.

යුද අපරාධ චෝදනා ගැන ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ රුවන්ඩා බුද්ධි ප්‍රධානි ජෙනරාල් කරෙන්සි කරාතේ සම්බන්ධ නඩු විභාගයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්වී ඇත.

ජෙනරාල් කරෙන්සි වෙනුවෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මහතාගේ බිරිය වූ චෙරි බ්ලෙයාර් මහත්මිය පෙනී සිටියාය.

රුවන්ඩා බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය සහ ස්‌පාඤ්ඤ ආණ්‌ඩු විසින් එල්ල කළ යුද අපරාධ චෝදනා මතය.