Wednesday, September 2, 2009

කොළඹ කොටි ජාලය තවම හොල්මන් කරයි

කොළඹ කොටි ජාලය තවම හොල්මන් කරයිහේමන්ත රන්දුණුසරණාගත කඳුවුරුවලින් කොළඹට පලා එන කොටි සාමාජිකයන්ට රැකවරණය ලබාදීම. ඔවුන් හොර රහසේම විදේශ රටවල්වලට යෑවීම ඇතුළු කොටි ක්‍රියාකාරකම් සිදු කරන කොළඹ කොටි ජාලය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවට වැදගත් තොරතුරු රැසක්‌ පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.එම කොටි ජාලය විසින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර කොළඹ සැඟවී සිටින කොටි සාමාජිකයන්ට විදේශගතවීම සඳහා විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් ලියකියවිලි සකස්‌ කර දෙන බවටද හෙළි වී ත්.මීට දින කීපයකට උඩදී වැල්ලවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් කොටි දේශපාලන අංශ නායකයාව සිටි තමිල් සෙල්වම්ගේ භාෂා පරිවර්තකවරිය සතුව තිබී සොයාගත් විදේශ ගමන් බලපත්‍ර හැඳුනුම්පත් සහ අනෙකුත් ලියකියවිලි වලින් මේ බව හෙළි වී ඇත.මෙම කොටි සාමාජිකාවට සහ ඇගේ තුන් හැවිරිදි දරුවාට ස්‌විට්‌සර්ලන්තයට යැමට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් ලිපි ලේඛන කොළඹ ක්‍රියාත්මක වන කොටි ජාලය විසින් සකස්‌ කර දී තිබූ බව පරීක්‌ෂණවලින් අනාවරණය විය.සෝමසුන්දරම් ලෝහරාජිනී නොහොත් "ලෝහෝ" නමැති කොටි කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන්ට වැල්ලවත්තේ තාවකාලික නවාතැන් පොළකට පැමිණ සැඟවී සිටින ලෙස කොළඹ සිටින කොටි සාමාජිකයන් උපදෙස්‌ දුන් බවයි.එම නවාතැන් පොළට පැමිණි කොටි සාමාජිකයකු විසින් තමන්ට විදේශගතවීමට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර ඇතුළු ලිපිලේඛන ලබාදුන් බවද ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.මෙම කොටි කාන්තාව සතුව තිබී සොයාගත් විදේශ ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලිපි ලේඛන ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර සකස්‌ කළ ඒවා බව පරීක්‌ෂණවලින් හෙළිවී ඇත. මෙම ලිපිලේඛණ කෙසේ සකස්‌ කළේ ද යන්න සෙවීම සඳහා වැල්ලවත්ත පොලිසිය විශේෂ පරීක්‌ෂණයක්‌ ආරම්භ කර තිබේ.තමිල් සෙල්වම්ගේ භාෂා පරිවර්තකවරිය වන මෙම කොටි කාන්තාව කොටි සංවිධානය විසින් හඳුන්වා ඇත්තේ "කලේකවිල්" යන නමින්ය. මෙම කොටි කාන්තාවගේ සැමියා කොටි සංවිධානයේ කට්‌ටි ශ්‍රී මෝටාර් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ. පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයට ලක්‌ව ඔහු මිය ගිය බව මෙම කොටි සාමාජිකාවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.වව්නියාව ප්‍රදේශයේ සරණාගත කඳවුරක්‌ වෙත තම දරුවාද සමග හොර රහසේ පැමිණි බව මෙම කොටි කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත. එහිදී එම කඳවුරේ යොදවා තිබූ ආරක්‌ෂාවන්ගෙන් මිදී කොළඹට පැමිණි බවත් සිංගප්පූරුව බලා ගොස්‌ එතැනින් ස්‌විට්‌සර්ලන්තයට යැමට තමන් සැලසුම්කර ගෙන සිටි බවත් වැඩිදුරටත් පවසා තිබේ.වැල්ලවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‌ෂණය යටතේ වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment