Sunday, January 17, 2010

"අවුරුදු 30 ක්‌ තිස්‌සේ" අප නොයෙකුත් තාඩන පීඩනවලට කරදර කරච්චල් වලට ලක්‌වූ යුගය අවසන්කර දැන් කිසිම ජාති ආගම් භේදයක්‌ නොමැතිව රට වැසියාට රටපුරා ඕනෑම තැන

රට පුරා ඕනැම තැනක සැනසිල්ලේ ජීවත් විය හැකි පරිසරයක්‌ උදාවෙලා අස්‌ගිරි මහ නාහිමි පියදාස රණසිංහ - අතුරුගිරිය හා සුගත් ප්‍රේමතිලක - කඩුවෙල "අවුරුදු 30 ක්‌ තිස්‌සේ" අප නොයෙකුත් තාඩන පීඩනවලට කරදර කරච්චල් වලට ලක්‌වූ යුගය අවසන්කර දැන් කිසිම ජාති ආගම් භේදයක්‌ නොමැතිව රට වැසියාට රටපුරා ඕනෑම තැනක නිදහසේ ගමන් කරන්නට - සැනසිල්ලේ ජීවත් වන්නට පුළුවන් පරිසරයක්‌ උදාවී තිබෙනවා. මේ ලැබූ සැනසිල්ල - නිදහස දිගටම පවත්වා ගෙන යැමට අප සියලු දෙනාම කල්පනාවෙන් බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. ගමේ දියුණුවත් සමගම රටේ සංවර්ධනයත් - දියුණුවත් ගැන කල්පනාවෙන් ක්‍රියා කරන්න කියා මා මතක්‌ කරනවා"අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‌ඛිත නාහිමිපාණෝ කඩුවෙල - කොරතොට රාජමහා විහාරස්‌ථ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ 60 වැනි සංවත්සර උළෙලේ මූලසුන අනුශාසනය පවත්වමින් එසේ පැවැසූහ. විහාරාධිපති - හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හබරකඩ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා ඇතිව දහම් පාසලේ ප්‍රධානාචාර්ය හබරකඩ සුමනසාර හිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්‌ඩලය විසින් මෙම උළෙල සංවිධානය කර තිබිණි. මෙම දහම් පාසලේ ආදි ශිෂ්‍ය දේශමාන්‍ය ඒ. කේ. ජනක නන්දකුමාර මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඒ මහතාගේ පියා වන මහතුන් අලවත්ත මහතාගේ ගුණ සමරා ඉදිකරනු ලැබූ නව දහම් පාසල් ගොඩනැඟිල්ල අස්‌ගිරි මහා නාහිමියන් හා දර්ශනපති ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයේ සහභාගිත්වය ඇතිව විවෘත කරන ලදී. උත්සව සභාව හමුවේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණෝ වැඩිදුරටත් මෙසේ ද පැවැසූහ. අප කල්පනා කරන්න ඕනෑ මේ සමාජයේ අප ජීවත්වන විට මට තියෙන අයිතිවාසිකම් අනෙක්‌ හැම කෙනාටත් තියනවා, මට කියන අමාරුකම්, අපහසුකම් අනෙක්‌ හැම දෙනාටත් තියනව කියන කාරණය. ඒ නිසා මට යම් කිසි වේදනාවක්‌. දුකක්‌ ඇති වෙනවාදෝ, ඒ දුක, වේදනාව අනෙක්‌ හැම කෙනාටත් ඇති වෙනවා කියන එක තේරුම් අරගෙන කිසිවෙකුටවත් හිංසා පීඩා කරන්න හොඳ නැහැ. මෛත්‍රියෙන්, සහයෝගයෙන් ජීවත් වන්නට ඕනෑ කියන එක හැම දෙනාගෙම සිතේ තබා ගන්නවා නම් අද අපේ සමාජයේ ඇතිවන නොයෙක්‌ විදිහේ හිංසා පීඩා කල කෝලාහල මිනී මැරුම් වගේ දරුණු අපරාධ කර ගැනීමෙන් වැළකී සිටිය හැකියි. හොඳ දේශපාලනඥයෙක්‌ වෙන්න නම් ශිල්ප ශාස්‌ත්‍රය අවශ්‍යයි. ගණධර්ම වගේම හොඳ විනයත් අවශ්‍යයි. ශිල්ප ශාස්‌ත්‍රවලින් හොඳ ගුණධර්මවලින් සන්නද්ධව දේශපාලනයට බහින පුද්ගලයාගෙන් රටට - සමාජයට අහිතකර කිසිවක්‌ සිදුවන්න ඉඩක්‌ නැහැ.

No comments:

Post a Comment