Let's defend and protect our beloved mother sri lanka from demised ruthless LTTE and its sympathizers! Wherever you live on this planet this is your Paramount Duty,remember today we breathe a sigh of relief and Ruthless LTTE terrorism which engulfed the entire nation for more than 30 years was wiped out by our gallant troops.Fallen war heroes,disabled war heroes and those who currently serve the nation always live in our hearts.
Sunday, January 17, 2010
අනේ ජනාධිපතිතුමනි, මේ කොටියා කම්මුතු කරල දාන්න
ජනපති කඳුළෙන් රෝහල තෙමුණ දවසක් !කැබිතිගොල්ලෑව රෝහලට කිලෝමීටර් කීපයක් දුරින් මහා පිපිරුම් හඬක් ඇසිණ. රෝහල ද දෙදරිණි. මිනිත්තු කිපයකට පසු රෝහලට වාහන පෙළක් ළඟා විය. රෝහල් අංගනය ඉඩ මදි විය. ඒ හැම වාහනයකින්ම පිටතට ගෙනාවේ ලේ පෙරෙන මිනිස් සිරුරුය. රෝහල කූඹී ගුලක් බඳු විය. රෝහල් සේවක සේවිකාවෝ වහා ඒ මිනිස් සිරුරු පිළිගත්හ. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගැහැනු පිරිමි රෝහලට දිව ආහ. ලේ පිරුණු ඒ සිරුරු ඔසවාගෙන රෝහල තුළට ගෙන ආහා. 2006 ජුනි 15 වැනිදා පෙරවරුවේ සිදුවූ මේ සිදුවීම් කැබිතිගොල්ලෑව රෝහලේ හෙදියක වන විමලා හේරත් මහත්මිය පසුගියදා මෙසේ සිහිපත් කළා ය. එදා මා ඩියුටි ඕෆ් වෙලා අපේ නිවාසයට යැමට සූදානම් වෙලයි හිටියෙ. උදේ හතට විතර බෝම්බ හඬක් ආවා. ඒ වෙලාවට යකා වැව පැත්තේ ඉදලා බසයක් එනවා. ඒකට බෝම්බ තියලද දන්නෙ නැහැ කියල මට හිතුණා. විනාඩි 15 ක් වත් ගියේ නැහැ රෝහලට ලේ පෙරෙන තුවාලකාරයෝ ගේනවා පෙනුණා. මම හිටියේ නිල ඇඳුමින් නොවෙයි. ඒත් මම තුවාලකාරයන්ට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. අපට පෙනුණා මළ සිරුරුත් ඔසවාගෙන එනවා. මේ වෙලාවේ මුළු පළාතෙම මිනිස්‌සු උදව්වට ආවා. මේ මනුස්‌සකම උතුරා ගිය මොහොතක්. අපේ රෝහලේ හිටියේ වෛද්‍යවරු 4 දෙනයි. හෙද කාර්යයමණ්‌ඩලය 3 යි. සාත්තු සේවිකාවෝ 14 යි. ඩියුටි ඕෆ් වෙලා ගියපු අයත් මේ වෙලාවේ වාට්‌ටුවලට ආවා. අපට ලෙඩුන්ට සේලයින් දෙන්න සේලයින් බට රඳවන තිබුණෙ හතක් අටක් පමණයි. ගමේ මිනිස්‌සු සේලයින් බෝතල් ඔසවාගෙන ලෙඩ්ඩු ළඟ හිටියා. ලෙඩ්ඩුන්ට සේලයින් දුන්නේ එහෙමයි. පණ අදින තුවාලකාරයෝ බේරාගන්න විශාල සටනක් වාට්‌ටු ඇතුළේ සිද්ධවුණා. මළසිරුරු කොරිඩෝරයේ සහ අලුත හදාගෙන යන වාට්‌ටුවල තැන්පත් කළා. බලන්න බැහැ පුංචි බෝනික්‌කො වගේ ළමයි කෑළි, කෑළි වලට කැඩිලා, වාට්‌ටුව මිනිස්‌සුන්ගෙන් පිරුණා. එතැන එකම ඝෝෂාවක්. කිට්‌ටුව පාත රෝහල්වල වෛද්‍යවරු හෙදියෝ සාත්තු සේවිකාවෝ ඒ රෝහල්වල වාහනත් අරගෙන ආවා. මිනිසුන් ජීවත් කර වීමට මේ තරම් සටනක් කරපු දවසක් මා දැක නැහැ. කෑ ගහනවා, හඬා වැලපෙනවා, කොටියට ශාප කරනවා. ඒ මිනිස්‌සුන්ට වාට්‌ටුවෙන් පිටතට ගිහින් ඉන්න කිව්වට අහන්නෙ නැහැ. වාට්‌ටුවට එනවා. වාට්‌ටුව එකම මිනිස් පොදියක්. අළුතින් හදන වාට්‌ටුවේ මළ සිරුරු ළඟ වැලපෙන ගැහැනුන්ගේ පිරිමින්ගෙ හඬ උස්‌ව නැඟුණා. මේ මහ මිනිස් පොදිය අතරින් සෙනඟ පීරාගෙන කෙනෙක් ඉදිරියට ආවා. අපට අදහගන්න බෑ. මේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා. අපේ ජනාධිපතිතුමා. මිනිස්‌සුන්ගේ කෑගැහිල්ල නැති වුණා. ගොළු වුණා. "අනේ ජනාධිපතිතුමනි, මේ කොටියා කම්මුතු කරල දාන්න," කෙනෙක් කෑගහල කීවා. දරුවා නැතිවුණ මවක් ජනාධිපතිතුමාගේ අත් දෙක අල්ලා ගත්තා. ජනාධිපතිතුමා ඇගේ උරහිසින් අල්ලා ගත්තා. එතුමා ඇගේ උරහිස සොළවමින් හඬන්නට පටන් ගත්තා. ඇයත් හඬනවා. එතුමාත් හඬනවා. වාට්‌ටුවේ සිටි අපත් එතුමා සමඟ හඬන්නට පටන් ගත්තා. ඒ මොහොතේ මුළු වාට්‌ටුවම කඳුළින් පිරුණා. "අනේ ජනාධිපතිතුමනි ඔබතුමා මෙහෙ ආවේ ඇයි. තව කිලෝමීටර් 5 ක් 6 දුරින් කොටි ඉන්න මුලතිව් කැලේ. මේ රෝහල් ඉඩමටත් උන් එනවා. අපි යුනිෆොaම් වලට උඩින් කළු රෙදි ඇඳගෙන රෑට වැඩ කරන්නේ. උන් අපිට තර්ජනය කරනවා. මේ පළාත කොටි කටක් වගෙයි. ඇයි මෙහෙම ආවේ. ඔබතුමා පරිස්‌සම් වෙන්න ඕන. මෙහෙම ගමන් එන්න එපා." එක් රෝහල් සේවිකාවක් හඬ නඟා කිව්වා. ජනාධිපතිතුමා ළඟට ප්‍රියන්ත කියලා තාත්තා කෙනෙක් තමාගේ දරුවාගේ මළ සිරුර ඔසවාගෙන ආවා. "ජනාධිපතිතුමනි, මගේ දරුවා මළාට කමක් නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මගේ දරුවා මරාපු කොටියා කම්මුතු කරන්න කියලයි. මුන්ට ඉඩ දෙන්න එපා." ඔහු ද හඬන්නට පටන් ගත්තා. "ජනාධිපතිතුමා එදා පැමිණියේ කිසිම ආරක්‌ෂාවක් නැතිව. එතුමා එන බව පොලිසියවත් දැනගෙන හිටියේ නෑ." කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන කේ චන්ද්‍රසේකර පුංචිබණ්‌ඩා මහතා අප සමග කීය. ක්‌ලේමෝ බෝම්බ දෙකක ප්‍රහාරයට ගොදුරු වූ කැබිතිගොල්ලෑව පැමිණෙමින් සිටි ඒ බසයේ වැඩි දෙනා අයත් වුයේ යකාවැව ගමට ය. ප්‍රදේශීය සභා මන්ත්‍රී පුංචිබණ්‌ඩා මහතාගේ ගම ද යකාවැවය. අනුරාධපුර වවුනියා දිස්‌ත්‍රික් මායිමේ පිහිsටි, මුලතිව් කැලයට ද මායිම් වූ, යකාවැවේ වසන්ත චන්දන සෙනවිරත්න නමැති ග්‍රාමාරක්‌ෂක භටයා වවුනියාව කච්චකුඩියේ දී වෙඩි පහරකින් මිය ගියේය. ඔහුගේ අවමඟුලට සහභාගි වීම සඳහා ඒ ගමේ පිරිසක් 2006 ජුනි 15 වැනිදා උදෑසන ඒ ගම හරහා යන බසයකට ගොඩ වූහ. හිමිවරු දෙනමක් මාතෘ සායනයකට යන ගැබිණි කාන්තාවෝ කීප දෙනෙක් සහ ළමයි කීප දෙනෙක් ද ඒ බසයේ සිටියහ. කිලෝමීටර් 7 ක් පමණ දුර ගමන් කළ බසය තුඹසක සවි කළ ක්‌ලේමෝ බෝම්බ 02 කට හසුවිය. බසයේ රියෑදුරු විසිවිය. සුක්‌කානම නිදහස් විය. බසය මීටර් 70 ක් පමණ දුරට ඇදී ගියේය. බෝක්‌කුවක හැපී පාරේ වම් පැත්තට එය පෙරළණ. දොරවල් වැසිණ. 160 ක් පමණ වූ මගීන්ගෙන් වැඩි දෙනෙක් මළවුන් බවට පත්වූහ. අනෙක් අයගේ සිරුරු බිඳුණහ. අත්පා කැඩුණු ආබාධිතයෝ බවට පත්වූහ. බසය එකම ලේ විලක් බවට පත්විය. මියගිය 64 දෙනා අතර භික්‌ෂූන් වහන්සේලා දෙනමක්, ළමයි 15 දෙනෙක් සහ ගැබිණි මවුවරු කීප දෙනෙක් ද වුහ. තුවාල ලබා ජීවිත කාලයටම ආබාධිත ලකුණු උරුම වූ පණ රැකුණු කීප දෙනෙකු සමග කතා බහ කිරීමට අපට හැකිවිය. යකාවැව ගමේ කේ. යසපාල මහතා එයින් එක් අයෙකි. 51 හැවිරිදි ඔහු එදා කච්චිකුඩියේ මළගෙදරට යැමට බසයට නැඟුණේ සිය බිරිඳත්, පුතාලා දෙදෙනාත්, දුවත්, මුණුපුරාත් සමගය. මුණුපුරා දුවගේ පුතාය. යසපාල සිටියේ බසයේ හිටගෙනය. ඔහු ළඟම අසුනේ බිරිදත් දුවත් හිඳගෙන සිටියහ. මුණුපුරා දුවගේ උකුලේය. බෝම්බේ පිපිරීමත් සමගම ඔහු ඇද වැටිණ. ඔහුට බිරිඳත්, දුවත්, මුණුපුරාත් මැරී වැටෙනු පෙනිණ. එක් පුතකුගෙ අතක් බිඳිණ. දත් හතක් කැඩිණ. ඔහු කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. යසපාල මහතා දින 45 ක් අනුරාධපුර රෝහලේ නතරවී ප්‍රතිකාර ගත්තේය. කැඩුණු අතින් දැන් වැඩක් කළ නොහැක. ඔහු මෙසේ කීවේය. "මුලතිව් කැලේ අසල ගමක ජීවත්වන අප දිගු කාලයක සිට කොටින්ගෙන් පීඩා ලැබුවා. උන් මගේ බිරිඳ දුව මුනුපුරා මට නැතිකළා. තවත් කී දහසක් දෙනා උන් නිසා විනාශ වෙන්නට ඇද්ද. මේ ත්‍රස්‌තවාදීන්ගෙන් රටත් අපත් බේරාගන්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට හැකිවුණා. එදා එතුමා කැබිතිගොල්ලෑවට ආපු හැටි මා දැක්‌කේ නැහැ. නමුත් මගේ දුවගේ සැමියා වන ප්‍රියන්ත, මගේ මුනුපුරාගේ මළසිරුර දෑතින් ඔසවාගෙන ජනාධිපතිතුමා ළඟට ගියා. මේ කොටිය ඉක්‌මනට කම්මුතු කරන්න කියලා ඔහු එතුමාගෙන් ඉල්ලුවා. එතුමා ඊළඟ මාසෙම මාවිල්ආරු අමුණ බේරාගන්න කොටියා සමග යුද්ධය පටන් ගත්තා. නැගෙනහිර පමණක් නෙවෙයි, උතුරු පළාතත් අල්ලාගෙන ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදී නායකයන් ඔක්‌කොම විනාශ කරනතුරු ඒa යුද්ධය ගෙන ගියා. දැන් කොටියා කම්මුතුයි. අපට දැන් සැනසිල්ලේ ඇවිදින්න, වැඩකරන්න පුළුවන්. පසුගිය කාලයේ අවුරුදු කීපයක්‌ම අපට කුඹුරු වගා කරන්න, ගොඩ බෝග දමන්න ඉඩ ලැබුණේ නෑ. කූඹුරු, වතුපිටි වල් බිහිවෙලා තිබුණේ. දැන් අපි බියසැක නැතුව වගාවේ යෙදෙනවා. අපේ ගමේ හැම පවුලකටම කොටියා විපත්ති කළා. නමුත් දැන් අපට සැහැල්ලුවෙන්, සැනසිල්ලෙන් ඉන්න පුළුවන්. මේ තත්ත්වය අපට ලබා දුන් ඒ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට බුදුබව ලැබේවා. එතුමා නැවත වාරයක් අපේ රටේ ජනාධිපතිවේවා කියලා අපි පතනවා. මේ වගේ වේලාවක එතුමා අමතක කරන්න පුළුවන් වෙන්නේ කළගුණ නොදන්නා අයට. අපේ ගම් පළාතෙ කවුරුත් අද එකතුවෙලා ඉන්නවා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මා මැරුණත් මගේ ශරීරයේ ඇට කෑල්ලක් හරි අරගෙන ගිහිල්ලා එතුමා වෙනුවෙන් කතිරය ලකුණු කරන්න කියලා මම කියලා තියෙනවා. එතුමා වගේ නායකයෙක් බිහිවුණේ නැත්නම් කොටියා තාමත් මුලතිව් කැලයේ ඉන්නවා. එහෙම වුණා නම් අපට ඉන්න වෙන්නේ බයේ ගැහි ගැහී. එතුමා අප රැකගත්ත එක අමතක කරලා මේ වෙලාවේ අපි වැඩ කරනවා නම් ඒක මහ පාපයක්. අපි කළගුණ සලකන්න ඕන. යකාවැව සිසිර කුමාර දිසානායක මහතා ද මේ බසයේ ගමන් කළ අයෙකි. "මා බසය මැද හිටගෙන හිටියෙ. පිපිරුම් හඬක් ආවා. මට සිහිය නැතිවුණා. සිහිය එනකොට මා සිටියේ අනුරාධපුර ලෝහලේ දැඩි සත්කාර ඒකකයේ. මගේ දකුණු අත කැඩිලා. ඒ අතින් දැන් වැඩකරන්න බැහැ. මගේ අම්මත්, අයියාත්, මේ අනතුරේදී නැතිවුණා. මා ළඟට ආ ජනාධිපතිතුමා මගේ හිස පිරිමැද "තෙරුවන් සරණින් ඔබ සුවපත් වේවා"යි කී බව මා ළඟ සිටි හෙදියක් කීවා. ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට ණය ගැතියි. මෙච්චරකල් හිටපු ජනාධිපතිවරුන්ට කරන්න බැරිවුණ වැඩක් ඔබතුමා කළා. කොටියා පරාජය කළා. මහ කොටියා ප්‍රභාකරනුත් ඉවරයි. දැන් ගමේ අය බයේ හැංගෙන්නේ නැහැ. ඉඩම් වල වල් කපලා වගා කරනවා. කුඹුරු හදලා වගා කරනවා. මේ තත්ත්වය ඇති කළ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට අපි කළගුණ සලකනවා."යකාවැව, ඉඳිගොල්ලෑව ප්‍රාථමික විදුහලේ හතරවන වසරේ ශිෂ්‍යයකු වන ලක්‌ෂාන් මධුශංක ධර්මපාල අප සමග කතා කළේය. "අපේ තාත්තා යූ. බී. ධර්මපාල. තාත්තා එදා බෝම්බයට අහුවුණා. දැන් ඉන්නේ අම්මයි මායි විතරයි. අම්මයි මායි එදා තාත්තා බලන්න ඉස්‌පිරිතාලෙට ගියා. තාත්තා මළ මිණි ගොඩක සිටිනවා මා දැක්‌කා." මෙබඳු කතා කියන තවත් දරුවො මේ ගමේ සිටිති.නිකවැව, ඉඳිගොල්ලෑව, තල්ගස්‌වැව, මොරවැව, හල්මිල්ලවැටිය, දුටුවැව, රළවනාව, පුලියංකුළම, පාළු හල්මිල්ලෑව ආදී ගම් රැසක අපි ඇවිද්දෙමු. හැමතැනකම කොටි භීෂණයට ගොදුරු වූ අයයි. ඔවුහු දැන් ජීවිතය අලුතෙන් පටන්ගෙනය. වල් බිහිවූ ඉඩම් එළිවේ. කලක් පුරන් වී පැවැති කුඹුරු වල නියර බැඳේ. ලියදි කැපේ. තැන තැන නිල්ල ගහන ගොයම් ද පෙනේ. යළි පිබිදෙන ගම්මාන අපි දුටුමු. මේ හැමතැනම හැම නිවසකම උළුවස්‌සට ඉහළින් සියලු දෙනාගේම ගෞරවය ලබන ඡායාරූපයක් වෙයි. ඒ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ ඡායාරූපයයි. ඔවුහු මෙසේ කියති. "අපට එතුමාගෙන් පිටට යන්න බැහැ. එතුමා පහළවුණේ නැත්නම් යුද්ධය දිගටම යනවා. මේ ගම්මාන මුලතිව් කැලේ සිටින කොටියාට අයිති වෙනවා. එදා අපේ නෑයන්ගේ මළකඳන් අතරට තුවාල වූ අපේ නෑ මිතුරන් අතරට එතුමා ආ හැටි, හඬා වැළපුණු හැටි අමතක කරන්න අපිට බැහැ. එතුමා අපේ කෙනෙක්. අපේම කෙනෙක්. අපි අපේ ඡන්දය දෙන්නේ එතුමාටමයි."
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment