Sunday, January 17, 2010

වීරවංශ කියනවා වගේ ෆොන්සේකා සක්‌විති වගෙයි

වීරවංශ කියනවා වගේ ෆොන්සේකා සක්‌විති වගෙයිමම අහසින් වැටුණු මිනිහෙක්‌ නොවෙයි කියන්නේ කරන්න පුළුවන් දේ විතරයිජනපති මහින්ද රාජපක්‍ෂ බොරැල්ලේදී කියයිශිරාන් රණසිංහගමෙත්, නගරයෙත් ජනතාවගේ ප්‍රශ්න මට අමුතුවෙන් කිවයුතු නෑ. මම ගිරුවාපත්තුවේ ගමකින් කොළඹට ආපු කෙනෙක්‌. ලබන 26 වැනිදායින් පසුව මේ රටේ ජනතාවගේ හෙට දවස යහපත් කරමින් රට සංවර්ධනය කරන්නේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එ.ජ.නි.ස. ජනාධිපතිවරණ රැලිය අමතමිනි.බොරැල්ල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සංවිධායක තිලංග සුමතිපාල මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබූ අතර අතිවිශාල ජනකායක්‌ ඊට සහභාගී වී සිටියහ.මෙහිදී තවදුරටත් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා,පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ, මට බොරැල්ල ජනතාව ඇමතීමට නොහැකි වුණා. ඒකට හේතුව වුණේ ආරක්‍ෂක හේතූන් මත මට බොරැල්ල රැස්‌වීම අමතන්න එපා කියලා කියපු නිසා. එදා ඒ රැස්‌වීම තිබ්බේ ගොඩක්‌ රෑ වෙලා.දැන් එහෙම ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්‌ නෑ. ඒකට හේතුව කොටියා කපෝති කිරීමයි.මට අපේ ආදරණීය ජනතාව රට බාරදෙන විට රට දෙකට බෙදිලයි තිබුණේ. වෙනම භූමිභාගයක්‌ මුහුදෙන් තුනෙන් දෙකක්‌ විතරක්‌ නෙවෙයි කොටින්ට කප්පම් එකතු කරන්නත්, වෙනම ඊළම් හැඳුනුම්පත් තිබුණා. අපිට එදා යුද්ධ කරන්න සිද්ධවුණේ වෙනම රටක්‌ එක්‌ක. බැරි වෙලාවත් ලෝකයේ එක රටක්‌ හෝ ඊළම පිළිඅරන් තිබුණ නම් තත්ත්වය බරපතළ වෙනවා. අපිට එදා ලැබුණේ පාර්ලිමේන්තුවේ කථා නායකවරයාව තෝරා පත් කරගන්න බැරි ආණ්‌ඩුවක්‌. හමුදාව ශක්‌තිමත් කරන්න අපි කටයුතු කළා. හමුදාව ශක්‌තිමත් කිරීම නිසි ලෙස කළමනාකරණය කළා. අපි යුද්ධ කරන අතරේ මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටෙන්න ගත්තා. ලෝකයේ අංක එකේ බැංකු සියයක්‌ පමණ කඩා වැටුණා. නමුත් අපි මේ යුද්දෙත් කරමින් රටේ ආර්ථිකය රැකගත්තා. අපි රාජ්‍ය දේපළ එකක්‌වත් විකුණුවේ නෑ. මුළු ලෝකයම ආර්ථික අර්බුදයක ගිලෙද්දී අපිට ආහාර හිඟය දැනුනේ නෑ. ලෝකයේ තෙල් අර්බුදයක ගිලෙද්දී අපිට අවශZH ඉන්ධන ඉරානයෙන් ලබාගන්න අපට හැකිවුණා. අපි බලයට එන විට විදුලි අර්බුදයක්‌ මතුවන බවට අනාවැකි පළවුණා. නමුත් අපි විදුලිය කැපුවේ නෑ. මහාමාර්ග ඉදිකළා. මාර්ග ඉදිකළා. ගමේ පාරවල් කොන්ක්‍රීට්‌ කළා. විදුලි බලාගාර ඉදිකළා. වරායන් පහක්‌ ඉදිවෙනවා.නිවාස යෝජනා ක්‍රම ඇරඹුවා. අපි ඒ ආකාරයට ඉදිරියටම ගියා. අවසානයේ දී හමුදාව ජනතාව එකට එකතු කළා. රටට එකතු කරගෙන රට නිදහස්‌ කරගත්තා. මේ ත්‍රස්‌තවාදයට එරෙහිව යුද්ධෙ කරන විට මාව හොරෙක්‌ වංචාකාරයෙක්‌ ලෙස පෙනුනේ නෑ. එතකොට මහින්ද හොඳයි. යුද්ධෙ දිනුවට පස්‌සෙත් ප්‍රශ්නයක්‌ තිබුණේ නෑ. මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසුවයි මේ අවලාද නගන්න ගත්තේ. මේවා මඩ ප්‍රචාර.මට අවුරුදු හතළිහක දේශපාලන අත්දැකීම් තියෙනවා. මගේ අතේ මඩ නෑ. ලේ නෑ. මම ජනතාව විශ්වාස කරලයි මෙතනට ආවේ. ගිරුවාපත්තුවේ ගමක ඉඳලයි මම මෙතනට ආවේ. මහා වෙල්යායක්‌ ළඟ තමයි මගේ නිවස තිබුණේ. ඒ ඈත පිටිසර ගමක ඉඳලයි මම කොළඹට ආවේ. කොළඹට ඇවිත් නැවතිලා හිටියේ බොරැල්ලේ. මම කොළඹ නාලන්දයටත් පස්‌සේ තර්ස්‌ටන් විද්‍යාලයටත් ගියා. මේ බොරැල්ලේ පාරවල් හැම එකක්‌ම මම දන්නවා. ඒ කාලේ මම මේ හැමතැනම ඇවිදලා ගියා. මම අහසින් වැටුන කෙනෙක්‌ නෙවෙයි. මිනිස්‌සුන්ගේ දුක, කඳුළ, සතුට, සැනසුම ගැන මට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. නගරයත්, ගමත් මම හොඳට දන්නවා. මේ මිනිසුන්ගේ හදවත මම හඳුනනවා. ඒ නිසා තමයි මේ රට සංවර්ධනය කරන්න මට පුළුවන්. මම මහින්ද චින්තන 2005 ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළා. එදා මම පොරොන්දු වූ පරිදි යුද්ධය අවසන් කළා. ගෞරවාන්විත සාමයක්‌ උදා කළා. ඒකීය රට තහවුරු කළා. එදා ඒ මහින්ද චින්තනයේ කරුණු වලින් සියයට 94 ක්‌ ඉටුකළා. 2010 මම ඉදිරිපත් කළ ප්‍රකාශනයේ කරුණු සියයට සියයක්‌ම ඉටු කරනවා කියලා මම පොරොන්දු වෙනවා. මම බැරි නම් බෑ කියනවා. මේ මහින්ද පුළුවන් නම් පුළුවන් කියනවා. ඒ නිසා තමයි රුපියල් දසදහසකින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කියලා නොකිව්වේ. විසිදහසකින් වැඩිකරනවා කියලා නොකිව්වේ.අපි මේ රටේ දරුවන්ගේ අනාගතය සුරකිනවා. උපන්, නූපන් දරුවන්ගේ හෙට යහපත් කරනවා. පැල්පත් ජීවිත ගෙවන සියලු දෙනාට නිවාස ලබාදෙනවා. පැල්පත්වල ජීවත්වන ජනතාව සැපවත් ජීවිතයක්‌ ගෙවන්න අවශ්‍ය කටයුතු යොදනවා. දැන් පිරිසක්‌ හොර ගිවිසුම් අත්සන් කරලා. උතුරු නැගෙනහිරට ස්‌වයං පාලනයක්‌ දෙන්න. ඊළම ආපසු දෙන්න පොරොන්දු වෙලා. අපි දිනාගත් රට කෑලි වලට කඩන්න දෙන්න බෑ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න රට පාවාදෙන්න මම ඉඩදෙන්නේ නෑ කියලා මතක්‌ කරන්න ඕනේ. ආර්. සම්බන්ධන් මේ කාරණා පිළිබඳ මට කිව්වා. අර විමල් වීරවංශ කියනවා වගේ ෆොන්සේකා සක්‌විති වගෙයි. අපි කියන්නේ ඔබේ වටිනා ඡන්දය අහක දාන්න එපා. එදා කාත්තන්කුඩිවල පල්ලියක යාඥා කරමින් සිටි 104 දෙනකු මරාදැමුවා. ඒ වගේ විශාල ජීවිත විනාශයකින් පසුව තමයි අපි අද නිදහස ලබා සිටින්නේ.අපි මේ රටේ රාජ්‍ය දේපළ කොල්ල කනවා කියලා බොරු ප්‍රචාර කරනවා. මේ බොරු ප්‍රචාර කරලා රටේ ජනතාව මුළා කරන්න බෑ. මම වරක්‌ මේ දේශපාලනය නිසා හිරගෙයට ගියා. නමුත් මම දේශපාලන පලිගැනීම් කරන්න සූදානම් නෑ. මේ රට නිදහස්‌ කළා විතරක්‌ නෙවෙයි සංවර්ධනය කිරීමත් මට පැවැරුණු වගකීමක්‌. මේ රටේ ජනතාවට සැපවත්, නිදහස්‌ ජීවිතයක්‌ ලබාදෙන්න මට පුළුවන්. ඒ සඳහා ලබන 26 වැනිදා බුලත් කොළය ඉදිරිපිට කතිරය ගසා මේ ජයග්‍රහණය විජයග්‍රහණයක්‌ කරන්න. ඔබට සුබ අනාගතයක්‌.ජාතික නිදහස්‌ පෙරමුණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාමේ එළැඹ තිබෙන්නේ මෙරට පවත්වන වැදගත්ම තීරණාත්මක මැතිවරණයක්‌. රටේ අනාගතය පිළිබඳව තීන්දු ගන්න මැතිවරණය මෙයයි. රටේ කොතැන බැලුවත් මේ රැස්‌වන ජනතාව කියන්නේ මහින්ද රාජපක්‍ෂ යළිත් මේ රටේ ජනාධිපති වෙනවා කියන එක පමණක්‌ නෙවෙයි. මෙය විජයග්‍රහණයක්‌ වන බවයි.රට සංවර්ධනය කරන්න, හැඩගසන්න, ගොඩනගන්න, සෞභාග්‍යවත් කරන්න තිබෙන මැතිවරණය මෙයයි. අලියා මේ මැතිවරණයේ නෑ. තවත් කුජීත වන නිසා මැතිවරණයට රනිල් ආවේ නෑ. ෆොන්සේකා කරගැහුවා. ෆොන්සේකා හිතුවා යුද්දේ කරලා ලබපු කීර්තියෙන් කොටසක්‌ ඔහුටත් තියෙනවා කියලා. ලබන 26 වැනිදා ෆොන්සේකාට ඇමරිකාවට යන්න ගුවන් ටිකට්‌පත් වෙන් කරන්න සිද්ධවෙලා.මේ ෆොන්සේකා යුද්දෙ කරපු රණවිරුවන් ජාත්‍යන්තර අපකීර්තියට පත් කළා. දැන් උන්දෑ කියනවා මේ යුද්දෙ ඔක්‌කොම කළේ උන්නැහැලු. එතකොට ගුවන් හමුදාපතිට අණ දුන්නෙත් ෆොන්සේකාද? නාවික හමුදාපතිටත් උපදෙස්‌ දුන්නේ උන්දැද? පොලිස්‌පතිට උපදෙස්‌ දුන්නෙත් උන්දැද? ෆොන්සේකාට නියෝග දුන්නෙත් ෆොන්සේකාද? තව ටික දවසකින් මේ පුත්‍රයා කියයි අම්ම තාත්තා නෙවෙයි, මමම තමයි තනිවම ඉපදුනේ කියලා.යුද්දේ අවසාන කරන කොට ෆොන්සේකා ලංකාවේ හිටියේ නෑ. එතකොට ඔහු හිටියේ චීනයේ. චීනයේ යුද අවි සමාගමක්‌ එක්‌ක ගනුදෙනු කරන්නයි ඔහු එරටට ගියේ. ඒ සමාගම ගානේ හෝටල් බිල් ගෙවලා. කාලා බීලා නාලා එයා එහෙ සතුටු වෙද්දියි නන්දිකඩාල්වල අවසන් සටන වුණේ. එහෙම ආයුධ ගේන්න රට ගිය ෆොන්සේකා මෙරටට එනකොට යුද්දෙ ඉවරයි. එදා ඒ කළ ගනුදෙනුවට අනුව මෙරටට ආයුධ නැවක්‌ ආවා. ඒක දැන් එපා කියලා ආපසු හරවලා යවන්න ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා තීරණය කළා. "ඇගේ වෛරය" ඔහුගේ වෛරය බවට පත්වුණේ ඊට පසුවයි.ඒ පුත්‍රයට අද යුද්දෙට වළ කපපු රනිල් වික්‍රමසිංහ එක්‌ක එකට ඉන්න පුළුවන්ද? අද රනිලුයි, සෝමෙයි එකට බදාගෙන ඉන්න ඡායාරූපයක්‌ ඉංග්‍රීසි පුවත්පතක පළ කරලා තිබුණා. එදා ජ.වි.පෙ. නිර්මාතෘ ආදරණීය රෝහණ විඡේවීර සහෝදරයා බොරැල්ලේදී අමු අමුවේ මරා දැමුව උන් යා වෙලා. මේ රැළ එකට එකතු වුණේ කොහොමද? කියන්නේ මට පෙර රට.. කියලා අනේ මගේ කට.මනෝ ගනේෂන් අද මේ හවුලෙ. එදා යුද්දෙ වෙනකොට බටහිර නියෝජිතයන් ලංකාවට එනකොට දෙමළ තරුණයෝ අතුරුදන් කියලා බෝඩ්ලෑලි උස්‌සන් යුද්දෙ නතර කරන්න කියලා කෑ ගහපු නල්ල මලේ ගනේෂන්. අනෙක්‌ පැත්තෙන් හකීම්, ටී. එන්. ඒ. එකත් එක්‌ක ගිවිසුම් ගහලා. මෙන්න ෆොන් සේකාගේ හවුල. ටී. එන්. ඒ. එක කියන්නේ කොටියගේ පලුව. ත්‍රස්‌තවාදයට පණ දෙන්න තමයි ෆොන්සේකා ජනාධිපති අපේක්‍ෂකයා කළේ. ටී.එන්.ඒ. එක එක්‌ක ගහපු ගිවිසුම පත්තරවල තිබුණා. මේ පාවාදීම බරපතලයි. ටී.එන්.ඒ හෙවත් දෙමළ ජාතික සංධානයත් එක්‌ක ෆොන්සේකා ගහපු ගිවිසුම පිළිබඳ ඒ දෙමළ මන්ත්‍රීවරුම කරුණු කියනවා. කොන්දේසි තියෙනවා. මේ පාවාදීම බරපතලයි. සම්බන්ධන්ලා නිකන් ෆොන්සේකාට උදව් කරයිද?අපි අභියෝග කරනවා පුළුවන් නම් ජනාධිපතිවරණයට පෙරාතුව රනිල්, මනෝ, ෆොන්සේකා, සම්බන්ධන් එකට වාඩිවෙලා පුවත්පත් සාකච්ඡාවකදී කියන්න මේ ගිවිසුම ගැන. ගිවිසුමේ කොන්දේසි මොනවද කියලා. අපි දන්නවා මේ හවුලට මේ ගහපු කොන්දේසි එකට වාඩිවෙලා කියන්න බෑ. මේ පාවාදීම රටට කියන්න ඒ අයට බෑ. ඡේ. වී. පී. එකත් අද කතා නෑ. ඡේ. වී. පී. එක කියනවා ෆොන්සේකා ගේ ආණ්‌ඩුවක අගමැති සරත් නන්ද සිල්වා ලු. රනිල් කියනවා එයාලු විධායක අගමැති. මේක අවුලක්‌. ෆොන්සේකා විධායක ජනාධිපති, රනිල් විධායක අගමැති. සරත් නන්ද සිල්වා ඇගමැති.මේ අන්තර් ජාතිකය ගොඩනගන අවුලක්‌. මිනීමරු ත්‍රස්‌තවාදයට යළි පණ දෙන සෙල්ලමක්‌. අධිරාජ්‍ය බලවේග වල වුවමනා ඉෂ්ට කරන හවුලක්‌. ෆොන්සේකා හොරා හොරා කියල රාජපක්‍ෂට කියනවා.කවුද හොරා... හයිකෝප් හොරා, නීල හොරා, කම්බ හොරා, පට්‌ට හොරා.... ජනතාව ඒක දන්නවා.ලබන 26 වැනිදා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ යළිත් මේ රටේ ජනාධිපති වෙනවා.එදා 2005 දී බලය ඉල්ලුවේ ත්‍රස්‌තවාදය පරාජය කරලා මේ රට රකින්නයි. මෙවර ඡන්දය ඉල්ලන්නේ රට හදන්නයි. රට ගොඩනගන්නයි. සංවර්ධනය කරන්නයි. වංචාව, දූෂණය නැති කරලා රැඩිකල් පාලනය ඇති කරන්න තමයි මේ ජනාධිපතිවරණය වසර දෙකකට පෙරාතුව තිබ්බේ. මේ සාමයේ ප්‍රතිලාභ ලැබෙන්නේ ඊළඟ පාලනයේදීයි. එනිසයි අපි මහින්ද රාජපක්‍ෂට විජයග්‍රහණයක්‌ ලබාදිය යුත්තේ.කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක වාසුදේව නානායක්‌කාර මහතා - මෙය මේ රටේ වැදගත් මැතිවරණයක්‌. 1956 දී මේ රට ප්‍රබල විපර්යාසයකට ලක්‌ වුණා. 1970 දී එය ඉදිරි පිම්මක්‌ පැන්නා. 2005 දී අපි තවත් ඉදිරියට ගියා. ජාතික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා බලය, සමානාත්මතාව, මිනිස්‌ අයිතිවාසිකම් සහතික කරන්න ඕනෑ.ප්‍රධාන කඩඉම් කිහිපයක්‌ පසු කරලයි අපි මෙතනට ආවේ. නව ශිෂ්ටාචාරයක්‌, අලුත් යුගයක්‌ බිහිවන ලබන 26 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහත්තයට විජයග්‍රහණයක්‌ ලබාදෙන්න මේ ජනතාව සූදානම්. පසුගිය යුද්දෙ මුළු ලෝකෙම ඇස්‌ මේ රටට එල්ල කරන්න සමත් වුණා.කියුබාව කියන ලෝකයේ පුංචිම පුංචි රට වගේ ශ්‍රී ලංකාව කියන ඉන්දියන් සාගරයේ මුතු ඇටයත් මුළු ලෝකයම දැක්‌කෙ එදා. කියුබාවට කැස්‌ත්‍රො නම් ශ්‍රී ලංකාවට මහින්ද යන මතය ස්‌ථාපිත වෙලා ඉවරයි. අපේ නායකයා ඔහුගේ නිර්භීතකම ලෝකයටම පෙන්නුවා. ලෝක අධිරාජ්‍යවාදයට එරෙහිව සිය බලය පෙන්නුවා.අපි වවමු, රට නඟමු කියලා වැඩසටහනක්‌ කළා. ලෝකයම ආහාර අර්බුදයක ගිලෙද්දී අපි ආහාරවලින් ශක්‌තිමත් වුණා. ලෝකයම බියව සිටින ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැම්මා. වී ටික, එළවළු ටික අපි වවන්න ගත්තා. අධිරාජ්‍යවාදයට එරෙහිව වචනවලින් නෙවෙයි ප්‍රායෝගිකවම මුහුණ දුන්නා. ජනතාවගේ දියුණුව, රටේ සංවර්ධනය ඇති කරන්නේ එහෙමයි. සමාජ සාධාරණත්වය, ජනතා පරමාධිපත්‍යය රකින්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්‍ෂයි.ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මිය - චරිත ඝාතනවලට කැමැති නෑ. නමුත් මේ තීරණාත්මක මොහොතේ මට මගේ යුතුකම ඉෂ්ට කරන්න වෙලා.ත්‍රස්‌තවාදය පරාජය කර අප ජයග්‍රහණය ලැබුවේ ජනාධිපතිතුමාගේ නායකත්වය නිසයි. අද අපි පාරක තොටක බැහැලා නිදහසේ යනවා. ජනාධිපතිතුමා අපිට දුන්න නිදහස නිසයි මම මේ දේශපාලනය ගැන කතා කරන්නේ. අපි අපේ යුතුකම ඉෂ්ට කරමු. රට නිදහස්‌ කළ මෙතුමා රට සංවර්ධනය කරන බව සිකුරුයි. යුද්දේ තිබියදීත් කරපු මේ සංවර්ධනය අපිට පේනවා. විපක්‍ෂයේ බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව බුද්ධිමත්ව කටයුතු කරලා මේ රටේ ඉදිරි සංවර්ධනයට ඉඩ දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.බොරැල්ල එ.ජ.නි.ස. සංවිධායක තිලංග සුමතිපාල මහතා - අද බොරැල්ලට අතිවිශාල ජනතාවක්‌ ඇවිත්. මේ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ එළැඹෙන 26 වැනිදා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයගේ ජයග්‍රහණය විජයග්‍රහණයක්‌ කරන්න කියලයි.2005 දී ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ "මහින්ද චින්තනයේ" පොරොන්දුවලින් සියයට 94 ක්‌ පසුගිය වසර හතරෙදි එතුමා ඉටු කළා. මූලිකම දේ යුද ජයග්‍රහණය, එපමණක්‌ නොවේ රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත නගාසිටුවූවා. එපමණක්‌ ද වරාය, විදුලිබලාගාර, ජල විදුලි බලාගාර ඉදි කළා. රටේ ජනතාවට සුබ අනාගතයක්‌ වෙනුවෙන් මහින්ද දිනවීම මේ ජනතාවගේ යුතුකම හා වගකීමයි.වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - රටේ අනාගතයට වැදගත් තීරණයක්‌ ගන්න දිනය ලබන 26 වැනිදායි. නිදහසින් පසු ලංකාවේ ජනාධිපතිවරු කිහිප දෙනෙක්‌ සිටියා. නමුත් නිදහසින් පසු ලංකාවේ එකවිට අභියෝග රැසක්‌ සාර්ථකව විස» එකම නායකයා තමයි මහින්ද?අද රටට ගෞරවාන්විත සාමයක්‌ උදාවෙලා. දැන් තියෙන්නේ රට ගොඩනඟන්න. ඒ කටයුත්ත කරන්න හැකි නායකයත් මහින්දයි. යුද්ධ කරන අතරේ රටේ ජනතාව බඩගින්නේ තිබ්බේ නෑ. ලෝකයේ වෙනත් රටවල යුද්ධ කරන විට ජනතාවට පීඩා විඳින්න සිද්ධ වුණා. නමුත් අපේ නායකයා යුද්දෙ කරන අතර රටේ සංවර්ධනයත්, ආර්ථිකයත්, කර්මාන්තයත්, කෘෂිකර්මාන්තයත් සාර්ථකව කළා.

No comments:

Post a Comment