Sunday, January 17, 2010

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යළි මේ රටේ ජනපති කරවීම යනු මේ රටේ අනාගත පරම්පරාව ජයග්‍රහණය කරවීම යෑයි බොරැල්ල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක බස්‌නාහිර පළාත්

මහින්ද රාජපක්‍ෂ යළි ජනපති කරවීම යනු අපේ රටේ අනාගත පරපුර ජයග්‍රහණය කරවීමයිතිලංග සුමතිපාල බත්තරමුල්ලජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යළි මේ රටේ ජනපති කරවීම යනු මේ රටේ අනාගත පරම්පරාව ජයග්‍රහණය කරවීම යෑයි බොරැල්ල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසීය. බොරැල්ලේ පැවැති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පිණිස වූ ජන හමුවකදී සුමතිපාල මහතා මේ බව පළ කළේය. සියලු ජාති හා ආගම්වලට අයත් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව අද ජනාධිපතිතුමා වටා පෙළ ගැසී සිටින බව පැවැසූ තිලංග සුමතිපාල මහතා මෙසේද කීය. අද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයාට ඡන්දය දෙන ලෙස එජාප පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලීමට සාදාචාරත්මක අයිතියක්‌ නැහැ තම පක්‍ෂය සුරක්‍ෂිත කර එහි සියලු නායකයන් එකමුතු කර පක්‍ෂයට දැක්‌මක්‌ ලබාදීමට එතුමාට නොහැකි වී තිබෙනවා. එසේ තිබියදී වෙනත් අපේක්‍ෂකයකුට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීමට ඔහුට තිබෙන අයිතිය කුමක්‌ද?. ජනරාල් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කළොත් ඔහු කිසිම පක්‍ෂයකට අයිති නැති නිසා තමන්ට හිතන දේ කරාවි. ජවිපෙ හා එජාපය ඇතුළු සෙසු පක්‍ෂ සමග ගිවිසුම් නැතැයි දැනමත් ප්‍රකාශ වී ඇති නිසා මේ තත්ත්වය අපට තේරුම් ගන්න පුළුවන්. තිස්‌ වසරක යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන යන දෙවැනි ගමනට දායක වෙමින් ජනාධිපතිතුමන් දිනවීමට බොරැල්ල සහ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සෙසු ආසනවල අපි සියලු දෙනා සමගම අත්වැල් බැඳගෙන කටයුතු කරමු. මලයාසියාවේ මහතීර් මොහොමඩ් මහතා වටා ජනතාව පෙළ ගැසුණේ ඔහු දේශීය චින්තනය පෙරදැරිව රට නැංවීමට ක්‍රියා කළ නිසයි. අද අපේ ජනපතිතුමන් වටා ජනතාව එක්‌ රොක්‌ව සිටින්නේ එතුමන්ගේ එම චින්තනය නිසයි.

No comments:

Post a Comment