Wednesday, October 20, 2010

යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, සුන්දර වෙරල තීර ආශ‍්‍රීතව හෝටල් 200 ක් පමණ ඉදිකෙරෙනවා

යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, සුන්දර වෙරල තීර ආශ‍්‍රීතව හෝටල් 200 ක් පමණ ඉදිකෙරෙනවාPosted on October 19th, 2010
යෞවන කටයුතු අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාගේ ඉඳිරි වැඩ පිළිවෙල පිළිබඳව, අනාගතයට ඉව අල්ලන පත්තර කාරයෙක් හැටියට මට දැනෙන්නේ ආශ්වාදජනක ආඩම්බරයක්
යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, ආදී සුන්දර වෙරලතීරයන් ආශ‍්‍රිතව, තරු 4, 5, 6 හෝටල් 200 ක් පමණ අලූතෙන් ඉඳිකරමින් තිබෙන බව, යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තංගල්ලේ දී ප‍්‍රකාශ කළේය.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය * යටතේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ හෝටල් ක්ෂේත‍්‍රයේ නව පුහුණු පාඨමාලා තුනක් (3* ආරම්භ කිරීම නිමිත්තෙන් තංගල්ල, කාල්ටන් පෙරපාසල් ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සවයේදී ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය,
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ තරුණ වැඩසටහනක් සකස්කරලා, එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරවීම සඳහා යෞවන කටයුතු අමාත්‍යාංශයට යොමුකළා. පාර්ලිමේන්තුවේ වෙනත් කිසිදු මන්ත‍්‍රීවරයෙක් මෙවැනි වැඩපිළිවෙලක් අපේ අමාත්‍යාංශයට යොමුකළේ නැහැ. එතුමාට ගෞරවයක් වශයෙන් අද මා මෙය ප‍්‍රකාශ කරනවා.
මෙම පුහුණුවට ඇතුළත් වන ඔබට, යම් චකිතයක් ඇතිවෙන්න පුළුවන්, මේ සහතිකයත් ඔබේ සහතික ගොන්නට එකතුවෙන තවත් සහතිකයක් පමණක්ද? කියලා. තරුණයන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය ශ‍්‍රී ලාංකිකයන් හැටියට වැදගත් වන්නේ කොහොමද කියන කාරණය සොයා බැලිය යුතුයි. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉදිරි අවශ්‍යතාවය දැකල, අලූත් විදිහට හිතලා, එය මහින්ද චින්තන ප‍්‍රතිපත්ති සමුදායට ගලප්පගෙන, ක‍්‍රියාත්මක කරන මෙම වැඩ පිළිවෙල පිළිබඳ අනාගතයට ඉව අල්ලන දේශපාලනඥයෙක් ලෙස නොව, අනාගතයට ඉව අල්ලන පත්තරකාරයෙක් හැටියට මට දැනෙන්නේ ආශ්වාදජනක ආඩම්බරයක්.
1970 මැයි 16 වැනිදා, බෙලිඅත්තේ ජනතාව ගහපු කතිරයෙන් පත්වෙන මන්ත‍්‍රීවරයා අනාගතයේ මේ රටට නිදහස කැන්දාගෙන එන නායකයා බවට පත්වේවි කියලා, බෙලිඅත්තෙ ජනතාව සිතුවේ නැහැ. එහෙම හිතන්න ඔවුන්ට, පසුබිමක් තිබුණෙත් නැහැ. පසුගිය අපේ‍්‍රල් 08 වැනිදා හම්බන්තොට දිස්ත‍්‍රික් ජනතාව දිවයිනේ වැඩිම ඡුන්ද ප‍්‍රතිශතය ලබාදීලා, නාමල් රාජපක්ෂ, මහතා මන්ත‍්‍රීවරයෙක් බවට පත්කළා. අද ඔහු හම්බන්තොට මෙන්ම, රට දියුණු කරවන වැඩ පිළිවෙලට අවතීර්ණ වෙලා සිටින ආකාරය පිළිබඳව අපට දැන්නෙත් එදාට නොදෙවෙනි සොම්නස් සහගත සිතිවිල්ලක්.
මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්, ජනාධිපතිතුමා කිව්වා ඉදිරි වසර 05 තුළ සංචාරකයින් ලක්ෂ 25 ක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව, දැනට ලංකාවට එන්නේ වසරකට සංචාරකයින් ලක්ෂ 05 යි. මේ වසර තුළ ලක්ෂ 06 වේවි. ඒ සඳහා රට සූදානම් කරන ලෙස ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා. පසුගිය සතියේ ජාත්‍යන්තර භූගෝලීය නාලිකාව ලෝකෙට කිව්වේ සංචාරය කරන්න ¥පතක් හැටියට ලස්සනම රට ශ‍්‍රී ලංකාව කියලයි.
ලෝකයේ පිළිගැනීමක් තියෙනවා වනජීවීන් බලන්න නම් අප‍්‍රිකාවට යන්න. නිවර්ථන වනාන්තර බලන්න, දකුණු ඇමෙරිකාවට යන්න, සංස්කෘතිය බලන්න ඉන්දියාවට යන්න. නූතනත්වය බලන්න ජපානයට, නිව්යෝක් නගරයට යන්න. මෙවැනි පිළිගැනීමක් ලෝකයේ සංචාරක කර්මාන්තයට වෙන්කරද්දී, මේ සියල්ල එකවිට ශ‍්‍රී ලංකාව තුළදී බලාගන්න පුළුවන් කියන විශ්වාසය අද ලොව පුරා ගොඩනැගී තිබෙනවා. ඒ නිසයි, ශ‍්‍රී ලංකාව කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිවෙලා තියෙන්නේ.
ලෝකයේ සංචාරක ව්‍යාපාරය පිළිගන්නේ ෙදැවැනි විශාලතම කර්මාන්තය ලෙසයි. පිරිවැටුම වසරකට ඇ.ඩොලර් බිලියන 900 යි. දකුණු ආසියාවේ ඉලක්කය එයින් 3% යි. බිලියන 18 ක් පමණ. මේ බිලියන 18 න් කොටසකුයි, දකුණු ආසියාවේ අපට ඩැහැගන්න තියෙන්නේ. යාපනය, ත‍්‍රීකුණාමලය, මඩකලපුව, හම්බන්තොට ආදී සුන්දර වෙරළ තීරයන් ආශ‍්‍රිතව තරු 4, 5, 6 හෝටල් 200 ක් පමණ හෝටල අලූතෙන් ගොඩනැගෙනවා.. මහා භාණ්ඩාගාරය කියන්නේ ඉදිරි වසර 04 තුළදී පමණක් හෝටල් ක්ෂේත‍්‍රයේ ලක්ෂ 03 ක් සේවක සේවිකාවන් අවශ්‍ය බවයි. ඔවුන් අද පුහුණු නොකළොත් මේ සඳහා සේවකයින් පිටරටින් ගෙනඑන්නට සිදුවේවි. ඒ අවශ්‍යතාවයටයි නයිටා ආයතනය මෙම පාඨමාලා සැලසුම් කර ආරම්භ කලේ. සංචාරක ක්ෂේත‍්‍රයේ රැුකියාවක් තෝරාගන්නා කිසිවෙක් ඒ තුළ අනාථ වෙන්නේ නැහැ, කියන සහතිකය ඉතා වගකීමෙන් ලබාදෙනවා. සංචාරක ක්ෂේත‍්‍රය ආශ‍්‍රිත රැුකියාවන් අප රටේ සුරක්ෂිතම රැුකියාවන් බවට පත්වීම කිසිවෙකුටත් වලක්වන්න බැහැ.
යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජප්කෂ, නයිටා උප සභාපති, විජය වික‍්‍රමරත්න යන මහත්වරුන්ද මෙහිදී කතාකළේය.

1 comment:

  1. සහන මිලට තරු පන්තියේ නවාතැන් පහසුකම් සඳහා http://travelserf.com/ වෙබ් අඩවියට පිවිසෙන්න. ලංකාවේ පමනක් නොව විදේශයන්හි පවා ප්‍රකට http://travelserf.com/ මගින් ඔබේ ගමනාගමන හා නවාතැන් පහසුකම් සලසා ගන්න.

    ReplyDelete